ගාලු මුවදොර කිඹුලන් ඇල්ලිමට ඇට වූ උගුල් මෙන්න(VIDEO)
කොළඹ අවට මුහුදු තීරයේ දක්නට ලැබුණු කිඹුලකු නිසා පසුගිය දිනවල වෙරළ තීරයේ ජනතාව සහ සංචාරකයන් භීතියට පත්ව ඇත.
මේ අතර ඉකුත් ජනවාරි තුන් වැනිදා රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තිමය කිමිදුම්කරුවෙක්ද දෙහිවල මුහුදු තීරයේදී අනපේක්ෂිත ලෙස කිඹුලකුට ගොදුරුවිය.
එම කිඹුලා අල්ලාගත නොහැකි වූ පසුබිමක ඉකුත් ඉරිදා ද කොළඹ ගාලු මුවදොර ආසන්න වෙරළ තීරයේ තවත් කිඹුලකු මෙලෙස දක්නට ලැබී ඇත.
මෙම තත්ත්වය හමුවේ වෙරළාශ්‍රිත ජනතාව මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ද භීතියට පත්ව සිටී.
මේ අනුව කොළඹ මුහුද තීරයේ සිටින කිඹුලන් කොටු කර ගැනීමේ මෙහෙයුමක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
ඒ අනුව කිඹුලන් කොටුකර ගැනීමට ගාලුමුවදොර පිටියේ එක් කෙළවරක මෙලෙස උගුල් දෙකක් ඇටවීමට අද පියවරගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |