IMF සල්ලි වලට මොකක් වෙයිද..? වොෂින්ටනයෙන් විශේෂ නිවේදනයකුත් නිකුත් කරලා..

decision IMF gagana news Sri lanka sinhala news today trending news wold news
By krishani Apr 06, 2022 01:56 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ මේ වන විට වර්ධනය වෙමින් පවතින මහජන නොසන්සුන්තාවය සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ මස අගදී අලුතින් පත් කරන ලද මුදල් අමාත්‍යවරයා වොෂින්ටනයට පැමිණෙන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට IMF කාර්ය මණ්ඩලය බලාපොරොත්තු බවයි IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටින්නේ.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව මුදල් අමාත්‍යවරයෙකු සහ මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now