දැන් ඇති..මුලු රටම එක හඬින් කියමු ! කවුරුත් දන්න,කවුරුත් ආදරේ කරන ජනප්‍රිය පුද්ගලයෙක් අර්බුද සමයේ කරළියට ඇවිත් කී දේ..

sri lanka cricketer gagana news Sri lanka sinhala news today trending news Mr.Roshan Mahanama
By krishani Apr 02, 2022 07:25 AM GMT
krishani

krishani

Report

ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙස මෙරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ඉල්ලා සිටිනවා.

සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් මහානාම කියා සිටින්නේ මේ අප එක්ව එක හඬින් ‘දැන් ඇති!’ කියා කිය යුතු මොහොත පැමිණ ඇති බවයි.

“දැඩිව කලකිරුණු හදින් මේ සටහන තබන්නේ, මගේ රට අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකිමෙන්. මෙකී පාලකයන්ට වඩා මම මගේ රටට ආදරය කරන සහ දේශප්‍රේමී මිනිසෙකු යැයි මා ආඩම්බර වන්නේ අවස්ථාව ලැබී තිබියදීත් මම මෙරටින් පිට නොවී සිටින නිසායි. මම මේ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙසයි. මේ අප එක්ව එක හඬින් ‘දැන් ඇති!’ කියා කිය යුතු මොහොතයි. මා මෙරටේ මිනිසුන් සමඟ එක්ව නැගී සිටින අතර, මගේ ලස්සන මවු රට මේ අඳුරින් මුදවා ගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් මේ වෙනුවෙන් වෙහෙසෙමි” යි රොෂාන් මහානාම පවසනවා.

රොෂාන් මහානාම මෙම සටහන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery