ගැඹුරු මුහුදේ කළ භයානක මෙහෙයුම සාර්ථකයි !

gagana news Sri lanka sinhala news today trending search operation sri lanka nevy
By krishani Feb 04, 2022 01:35 AM GMT
krishani

krishani

Report

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කළ හෙරොයින් මත්කුඩු ජාවාරමක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට නාවික හමුදාව සමත් වුණා.

අදාළ ධීවර යාත්‍රාවේ රැඳී සිටි විදේශීය ජාතිකයින් 9 දෙනෙක්ද මෙහිදී නාවික හමුදාව භාරයට ගත් අතරල වැටලීමේදී ජාවාරම්කරුවන් මත්කුඩු තොගයක් මුහුදුට දැමීමට පියවර ගෙන තිබුණා.

ශ්‍රී  ලංකා නාවික හමුදාවල පොලිසිය සහ බුද්ධි අංශ වෙත අනාවරණ වූ බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබුණේ ඉකුත් ජනවාරි මස 26 වැනිදායි.

ඒ දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර් 200ක පමණ දුරින් වන ජාත්‍යන්තර ගැඹුරු මුහුදු සීමාවේයි.

එහිදී සැක කටයුතු අයුරින් යාත්‍රා කරමින් තිබූ විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගත්තා.

එහිදී එම යාත්‍රාවේ රැඳී සිටි පුද්ගලයින් විසින් ගෝනි 8ක බහා යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු තොගයක් මුහුදට දමන අයුරු නාවික හමුදාවේ SLNS සයුරළ නෞකාවේ ආවේක්ෂණ පද්ධතියේ සටහන් වී තිබුණා.

ජාවාරම්කරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ මුහුදට දමා තිබෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය බහාලූ උර තිබේදැයි නාවික හමුදා විශේෂ කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශ පරීක්ෂා කළත් මුහුදේ රළු ස්වභාවය සහ එම ස්ථානයේ ගැඹුර මීටර් 3800ක් පමණ වීම හේතුවෙන් මුහුදට දැමූ උර කිසිවක් නිරීක්ෂණය වී නැහැ.

අදාළ බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී නාවික හමුදාවේ නිලධාරීන් එහි ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සොයාගත් අතර යාත්‍රාවේල රැඳී සිටි විදේශීය ජාතිකයින් 9 දෙනෙක් සහ චන්ද්‍රිකා ජංගම දුරකථනයක්ද නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

අදාළ සැකකරුවන් සහ යාත්‍රාව වැඩිදුර විමර්ශනය සඳහා ඒ අනුව කොළඹ වරායට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව මෙම බුද්ධි ඒකාබද්ධ මෙහෙයුම් මගින් මෙරටට රැගෙන ඒමට සූදානමින් තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට නාවික හමුදාවට හැකිවුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now