බස් රථ ගැන ගත් අලුත්ම තීරණය මෙන්න ! මගීන්ටත් හොඳ අවස්ථාවක්

By krishani Feb 02, 2022 09:28 AM GMT
krishani

krishani

Report

මාර්ග නීති උල්ලංඝණය කිරීම ඇතුළු නීති විරෝධී කටයුතුවල නියලෙන අන්තර් පළාත් බස් රථ සේවකයන් පිළිබඳ වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම 071-2595555 යන නව අංකයක් හදුන්වාදී තිබේ.

එම අංකයට වට්ස්ඇප්, වයිබර් සහ ඊමෝ යන ජාල හරහා වීඩියෝ යොමු කළ හැකි බවත් එම වීඩියෝ දර්ශන අදාල නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධ පරීක්‍ෂණවලදී සාක්‍ෂියක් හැටියට යොදාගන්නා බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

ජාතික ගමනාගමන කොමිසමේ ක්ෂණික දුරකථන අංකය වන 1955 අංකයට අඛණ්ඩව පැමිණි කළ හැකි බවත් තව දුරටත් මගී ජනතාවට ආරක්‍ෂාව සැළසීම සඳහා මෙම නව අංකය හදුන්වා දුන් බවත් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now