අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි රැඳවියන් පිරිසකට අධිකරණයෙන් ලැබුණු නියෝගය !
gagana news
Sri lanka sinhala news
today trending
Freed
Detainees
By krishani
ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්ඩංගුවට ගෙන රඳවා සිටි සිරකරුවන් 9 දෙනකු ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
බන්ධන්ගාර මාධ්‍ය ප්‍රකාශක ,බන්ධනාගාර කොමසාරිස් චන්දන එකනායක මහතා පැවසුවේ, රුපියල් ලක්ෂ 50 ක ශරිර ඇප දෙක බැගින් එක් අයකුට ඊයේ(01) අධිකරණයෙන් ඇප නියම කර ඇති බවයි.
මෙලෙස ඇප නියම කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ රැඳවියන් මෙතෙක් ඇප කොන්දේසි ඉටු නොකිරිම හේතුවෙන් තවදුරටත් ඔවුන් බන්ධනාගාරගත කර සිටින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |