බලශක්ති ඇමතිගෙන් විශේෂ සහතිකයක් !

Special announcement gagana news Sri lanka sinhala news Mr.Udaya Gammanpila today trending
By krishani Feb 02, 2022 08:17 AM GMT
krishani

krishani

Report

විදුලිබල මණ්ඩලයේ බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ යළි යථා තත්ත්වයට පත් කරන ලද ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 150ක ධාරිතාවක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

එය එසේ වූ විට බලාගාරවල ජනන කටයුතුවලට බාධාවක් එල්ල නොවන බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් නොරොච්චෝලේ, සපුගස්කන්ද සහ කැළණිතිස්ස මෙන්ම කොළඹ පිහිටි බලාගාරයක් ද ඉන්ධන අර්බුදය හේතුවෙන් වරින්වර අක්‍රීය වීමේ තත්ත්වයකට මේ වන විට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (01) පස්වරුවේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට නොදන්වා විදුලි කප්පාදුවක් ද සිදු කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now