තුන්දෙනෙක්ට හැදුණොත් එක් අයෙක් මැරෙන අතිභයානක අලුත්ම ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීමක් ?

World gagana news Sri lanka sinhala news today trending A new virus variant
By krishani Feb 02, 2022 06:08 AM GMT
krishani

krishani

Report

දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ව්‍යාප්ත වුවහොත් එය ආසාදිත විම වළක්වාගැනීමට සියලු දෙනා සුදානම් විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පැවසුවාය.

මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අපිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතියි.

මෙය ආසාදිත වූ පුද්ගලයන් තුන්දෙනකුගෙන් එක් අයකු මියයාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

නියොකොව් හෙවත් BA.2 ලෙස හැඳින්වෙන කොවිඩ් උප ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා 1.5ක ගුණයකින් සංසරණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්‍රභේදයන් ද අභිභවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now