අද දවස මුලු ලෝකයටම අමතක කළ නොහැකි සුවිශේෂී දවසක්.මෙන්න ඒ සුවිශේෂී හේතුව
ලෝක තෙත් බිම් දිනය අද (02) යි.
මෙවර එය සැමරෙන්නේ මිනිසා සහ ස්වභාවධර්මය උදෙසා තෙත්බිම් ක්‍රියාකාරිත්වය යන්න තේමා කර ගනිමින්.
පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධාන කෙරෙන ලෝක තෙත් බිම් දින විශේෂ සමරු වැඩසටහන අද පෙරවරු 09.00 ට බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේ දී පැවැත්විණී.
ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.
ඉරානයේ රැම්සාර් නගරයේ දී ජාතීන් 21 ක් එක්ව තෙත්බිම් රැක ගැනීම හා තෙත්බිම්වලට ආදරය කරමු යන තේමාව යටතේ ප්‍රථම වරට සම්මුතියකට අත්සන් තබනු ලැබූවේ 1971 වසරේදීයි.
ඒ අනුව රැම්සාර් සම්මුතිය ලෙස සැළකෙන එම එකඟතාව අනුව සෑම වසරකම පෙබරවාරි මස 02 වන දින ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කරනු ලැබූ අතර ලොව පළමු වරට තෙත්බිම් දිනය සමරන ලද්දේ 1997 දී යි.
ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශ ලෙස මෙරට සංවේදී පරිසර පද්ධති 10ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එහි අන්තර්ගත තෙත්බිම් පරිසර පද්ධති සංඛ්‍යාව 6 ක්.
නුවරඑළිය ග්‍රෙගරි වැව, ගම්පහ මුතුරාජවෙල, කොළඹ තලංගම වැව, බුලත්සිංහල වලව්වේවත්ත, වතුරාන, කොළඹ හා කලුතර දිස්ත්‍රික් හරහා දිවෙන බොල්ගොඩ වැව සහ වරාතැන්න හක්කිඳ එම තෙත්බිම් පද්ධතීන්වලට ඇතුළත්. එමෙන්ම, මෙරට රැම්සාර් තෙත්බිම් 06ක් නම් කර ඇති අතර ඒවායේ මුළු විශාලත්වය හෙක්ටයාර එක් ලක්ෂ 98,172 ක්. බූන්දල, ආනවිලුන්දාව, මාදු ගඟ, වන්කාලෙයි, කුමන තෙත් බිම් පොකුර සහ විල්පත්තුව එම රැම්සා තෙත්බිම් අතර වනවා.
එමෙන්ම ලොව පළමු රැම්සා තෙත්බිම් නගරය ලෙස කොළඹ නගරය නම් කර තිබීම ද විශේෂත්වයක්.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් කොළඹ නගරයේ තෙත්බිම් ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළත් සමගයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |