රට යළි වසයි ද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේගේ ප්‍රකාශය (VIDEO)
By krishani
කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී රට වසා දැමීමක් කිසිසේත් සිදු කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
උපුල් රෝහණ සඳහන් කළේ රට සාමාන්‍ය තත්ත්වය තුළ පවත්වාගෙන යාම සඳහා සියලු දෙනා සතුව වගකීමක් පවතින බවයි.
මේ අතර එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී බූස්ටර් එන්නත් මාත්‍රාව පුද්ගලයින් 58969 කට ලබා දී තිබෙනවා.
එය පෙරේදා බූස්ටර් එන්නත ලබාගත් 23403ට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක්. මේ අතර අද දිනයේ කොරෝනා ආසාදිතයින් 1,137ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 612,322ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |