නොසිතූ අයුරින් ග්‍රෑන්ඩ්පාස් නිවසකින් මතු වූ අබිරහස් බංකරය

arrested gagana news Sri lanka sinhala news today trending search operation
By krishani Feb 02, 2022 03:09 AM GMT
krishani

krishani

Report

රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ග්‍රෑන්ඩ්පාස් - මහවත්ත පාර ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (01) මෙම වැටලීම සිදුකර ඇති අතර, අදාළ නිවසේ බංකරයක් සකසා ඒ තුළ සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය ගබඩා කර තිබී ඇති බව සඳහන්.

නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යුත් තරාදියක් මෙන්ම ජංගම දූරකථන දෙකක් ද මෙම වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති අතර, එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now