සුසාන භූමියේ රැපිඩ් ඇන්ටිජන් මෙහෙයුම
කොරෝනා වයිරසය ආසාදිත දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑව සුසාන භූමියේ සොහොන්ගෙය තෝරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පැමිණි පිරිස සිය කනගාටුව ප්‍රකාශ කළහ.
මෙහිදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පුද්ගලයෝ 85 දෙනෙක් සහ පි.සි.ආර්. පරීක්ෂණ සඳහා පුද්ගලයෝ 17 දෙනෙක් පැමිණ සිටියහ.
ඉන් ඇන්ටිජන් පරික්ෂණ සිදු කළ 45කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
තම ජීවිත අවතක්සේරු කරමින් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙවැනි ස්ථානයක් තෝරා ගැනීම සුදුසු නොවන බව පැමිණි බොහෝ දෙනක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දනී සෝමරත්න මහත්මියගෙන් කළ විමසීමේදී මෙසේ කීවාය.
ඇත්තටම වෙනත් දිනවල පරීක්ෂණ කටයුතු සිදු කළේ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාල ක්‍රිඩාංගණයේ ,දරුවන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය යැයි පවසා එම ක්‍රීඩාංගනය ඉල්ලා සිටියා කැස්බෑවේ තිබෙන අනකුත් ක්‍රීඩාංගනවලට දරුවන් බහුතරයක් දෙනා සවසට ක්‍රීඩාවෙ යෙදෙනව.අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ඉඩපහසුකම් අවම මට්ටමකයි තියෙන්නේ ,එම නිසයි මෙම ස්ථානය තෝරා ගත්තේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |