බැසිල්ගෙ ලිත් නඩුවේ තීන්දුව අද දීලා.නඩුවට මොකද උනේ ?

gagana news today trending Sinhala news sri lanka Mr.Basil Rajapaksha judgments
By krishani Feb 01, 2022 10:18 AM GMT
krishani

krishani

Report

ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

විත්තකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බව විත්තිකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

පපසුගිය අවස්ථාවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් බව දැනුම් දිමෙන් අනතුරුව විත්තියේ වාචික කැඳවනවාද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now