පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට අඩම්තේට්ටන් කළ දෙදෙනෙකුට වැඩ වරදී

police arrested gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 01, 2022 06:52 AM GMT
krishani

krishani

Report

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31) පස්වරුවේ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අදාළ පුද්ගලයින් විසින් පොලිස් නිලධාරීන්ගේ රාජාකාරී කටයුතුවලට බලපෑම් එල්ල කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පසුව ඔවුන් පිළිබඳව සිදුකළ සොදිසි කිරීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී යුරෝ 200ක්, අමෙරිකානු ඩොලර් 58ක් සහ රුපියල් 605,430ක මුදලක් සොයාගෙන ඇත.

මීට අමතරව විදෙස් මත්පැන් බෝතල් 49ක් සහ ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් 32 හැවිරිදි සහ 37 හැවිරිදි මිහින්තලය හා කටුනායක ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (01) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now