එළඹෙන දීර්ඝ සති අන්තය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් විශේෂ නිවේදනයක්
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending
srilankan People
By krishani
ඉදිරි සති අන්තයේ ජනාකීර්ණ ප්‍රදේශවලට යාමේදී ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව මෙම කාලසීමාව තුළ කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
දිගු සති අන්තවල බොහෝ දෙනා යළිත් ගමන් ආරම්භ කර ඇති බව සඳහන් කළ ඔහු, සංචාර සඳහා යන අයගෙන් ජනාකීර්ණ අඩු ස්ථානවලට යන ලෙසත් ප්‍රවේශම් වන ලෙසත් ඉල්ලා සිටියා.
මෙරට මිලියන 15කට ආසන්න ජනතාවක් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව දෙකම ලබාගෙන ඇතත් බොහෝ දෙනෙකුට තුන්වන හෙවත් බූස්ටර මාත්‍රාව තවමත් ලබාගෙන නොමැති බව ද වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.