මිනිසුන් බිය ගන්වමින් පමුණුගම වෙරළ තීරයට ආව අලුත් යාලුවා(VIDEO)
උස්වැටකෙයියාව හා මීගමුව අතර මුහුදේ දින කිහිපයක සිට සැරිසරමින් සිටි විශාල ගැට කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන ඇත.
ප්‍රදේශයේ ධීවර ජනතාවගේ කටයුතුවලට එම ගැට කිඹුලාගෙන් දැඩි බලපෑම් එල්ල වූ බවට ඔවුන් චෝදනා කරති.
මතුව තිබූ තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී නිලධාරී දැනුම්වත් කිරීමට පියවර ගත්තද ඉන් පළක් නොවු බව ප්‍රදේශවාසීන් පවසති.
එවන් පසුබිමක අදාළ කිඹුලා ඊයේ (31) පස්වරුවේ පමුණුගම වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් කිඹුලා අල්ලාගැනීමට කටයුතු කර ඇත.මෙලෙස අල්ලාගෙන ඇත්තේ අඩි 10ක් පමණ දිගැති ගැහැණු ගැට කිඹුලෙකුයි.
ඊයේ රාත්‍රී 8.30ට පමණ අල්ලාගත් කිඹුලා රැගෙන යන ලෙස වනජීවී නිලධාරීන් දැනුම්වත් කළද වනජීවී නිලධාරීන් කිඹුලා රැගෙන යාමට පැමිණ ඇත්තේ අද (01) අලුයම් කාලයේ දී බව ද ප්‍රදේශවාසීහු චෝදනා කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |