තියුණු ගුටි කෙළියෙන් කෙලවර වුන මරණය
sri lanka
dead
gagana news
Sri lanka sinhala news
A fight
today trending
By krishani
මාලඹේ පොලිස් වසමේ කැකිරිහේන - පොතුඅරාව පාර, තලංගම උතුර ප්‍රදේශයේ දී ඊයේ (31) පස්වරුවේ පුද්ගලයින් දෙදෙනකු අතර සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයක් සිදු වුණා.
මෙම ආරවුල දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් අනෙක් තැනැත්තාට තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල සිදු කෙරුණු අතර, බරපතළ තුවාල ලැබූ ඔහු කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි වියෙහි පසු වූ උතුර මාලඹේ ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ,සැකකරු මේ වනවිට එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
මාලඹේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |