පොලිසියේ දෙපිරිසක් අතර ගුටි කෙළියක් !

police gagana news Sri lanka sinhala news A fight today trending
By krishani Feb 01, 2022 01:25 AM GMT
krishani

krishani

Report

වරකාපොළ 36 කන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරී කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගුටි බැට හුවමාරුවකට සම්බන්ධ බව කියන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගුටි කෙළියට සම්බන්ධ පොලිස් කණ්ඩායම් දෙකම ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සිට අතර දෙපාර්ශ්වයම එකිනෙකා හඳුනාගෙන නොමැති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගුටි බැට හුවමාරුවෙන් තුවාල ලැබී යැයි කියමින් දෙපාර්ශ්වයේම උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු රෝහල්ගතව ඇතැයි කෑගල්ල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකි.

සැකකාර පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සහ මාරවිල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රඹුක්කන ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී රාත්‍රියේ ජීප් රථයකින් එමින් සිටියදී තවත් වාහනයක ගමන් ගත් පිරිසක් සමග ඇතිවූ බව කියන වචන හුවමාරුවක් දුර දිග ගොස් මෙම ගුටි බැට හුවමාරුව සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

අනෙක් වාහනයේ ගමන් කර ඇත්තේද ගම්පහ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකු බව පොලිසිය කීය. දෙපාර්ශ්වය අතර ගැටුම හටගත් මොහොතේ වරකාපොළ පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම එහි ගිය අවස්ථාවේ එක් පාර්ශ්වයක් පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ පිරිසක් තමන්ට පහර දී ජීප් රථයකින් පලාගිය බවයි.

වරකාපොළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායම පලාගිය මොන්ටෙරෝ ජීප් රථය පසුපස පන්නාගොස් අල්ලාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now