දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි.මෙන්න අවලංගු වූ ගමන් !

covid 19 gagana news Sri lanka sinhala news Trending news Train times
By krishani Jan 31, 2022 08:00 AM GMT
krishani

krishani

Report

දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද(31) දිනයේ අවලංගු කර ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) ඒ. ඩී ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ක්ද අවලංගු කළ බව ඔහු කීවේය.

මරදාන දුම්රිය අංගනයට අනුයුක්තව සේවය කරන දුම්රිය නියාමකවරුන් 17 දෙනෙකුට කොරෝනා වසංරැගතය ආසාදනය වී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයිද සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now