එන්නත්කරණය පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් !

Vaccination covid 19 special statement gagana news sri lanka sinhala news today trending news
By krishani Jan 28, 2022 07:10 AM GMT
krishani

krishani

Report

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත්, එතුළින් ඇති විය හැකි සංකූලතා සහ මරණය අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

එවැනි පුද්ගලයින් විසින් වෛරසය ආසාදනය වුව ද, පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්නම්, පරිසරයට මුදාහරින වෛරස ප්‍රමාණය අවම බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයෙකු පළමු සහ දෙවැනි මාත්‍රා ලබාගෙන තුන් මසක් ගත වූ පසුව එහි බූස්ටර් මාත්‍රාවට යොමු විය යුතු අතර, වයස අවුරුදු 16 - 20ත් අතර පසුවන දරුවන් හට පළමුවන සහ දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන සති දෙකක් ඉක්ම ගිය පසුව අදාළ බූස්ටර් එන්නතට යොමු විය යුතු බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම වයස අවුරුදු 12ට වැඩි දරුවන් එක් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගතවූ පසුව දෙවැනි මාත්‍රාවට යොමු කරන බව ද හෙතෙම අවධාරණය කරනවා.

මංගල උත්සව පැවැත්වීමට සහ අවසර ලබා දී ඇත්තේ, එම ස්ථානවල කොරෝනා වෛරසය පැතිර නොයාම නිසා නොවන බව පවසන වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටින්නේ, එලෙස ලබා දුන් අවසරය වගකීමෙන් සහ මනා සිහියෙන් යුතුව නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුගත ව පැවැත්වීමට සැවොම ක්‍රියා කළ යුතු බවයි.

කොවිඩ් මර්දනයට එරෙහිව මෙරට තුළ එන්නත්කරණය ආරම්භ වී අද දිනට (28) වසරක් සපිරෙන බව සිහිපත් කළ සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම අවස්ථාව සිහිපත් කිරීම සඳහා හෙට (29) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මේ සඳහා ඇපකැප වෙමින් දායක වූ සියලුදෙනා ඇගයීමට පත් කිරීම මෙහි අරමුණ බවයි.

මේ වනවිට ඔමික්‍රොන් නව වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වන අතර, අපේ රටට එවන් අවදානමක් නොමැති බවට තහවුරු කළ නොහැකි අතර, එබැවින්, එවැනි ඛේදනීය තත්ත්වයකට ඇඳ නොවැටීමට සියලු දෙනාම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ද සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now