හෙට සිට ජනතාවට බූස්ටර් එන්නතින් ලැබෙන සුවිශේෂ වාසිය

covid 19 Booster vaccine gagana news Sri lanka sinhala news today trending news
By krishani Jan 28, 2022 04:46 AM GMT
krishani

krishani

Report

බූස්ටර් එන්නත් සතියක් හෙට (29 ) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන, නියාමන ආනයන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

ලංකාවේ ඕනෑම තැනකින් බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට බොහෝ පිරිසක් අඩු සැලකිල්ලක් දැක්වීම නිසා ඔවුන් උනන්දු කර ඔමික්‍රෝන්වලින් බේරා ගැනීමේ අරමුණින් බූස්ටර් එන්නත් සතියක් අරඹන බවද ඔහු සඳහන් කළා .

මේ වන විට ලක්‍ෂ 50කට වැඩි පිරිසකට බූස්ටර් එන්නත ලබාදී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ “ඔමික්‍රෝන් ප්‍රභේදයේ තවදුරටත් විකෘතිකා ඇතිවෙන්න පුළුවන්. දැනටමත් ඔමික්‍රෝන් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙනවා. අනාගතයේ කොයි වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියලා තාම කියන්න බැහැ. 1වැනි හා 2වැනි එන්නත් මාත්‍රාව ගන්න ජනතාව තුළ උනන්දුව තිබණට දැන් බූස්ටර් එන්නත ගන්න බොහෝ දෙනා මැලි කමක් දක්වනවා. මේ එන්නත ගත්තාට කිසිදු හානියක් වෙන්නේ නැහැ. බොරු ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතුව මේ බූස්ටර් එන්නත ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now