කොරෝනා සමග හනි හනිකට අත්වැල් බැදන් යන ඩෙංගු

Dengue trending news gagana news Sri lanka sinhala news
By krishani Jan 28, 2022 01:04 AM GMT
krishani

krishani

Report

ඩෙංගු රෝගය ද වසංගත තත්වයක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර අර්නෝල්ඩ් මහතා පැවසීය.

මේ වසරේ ගතවූ කාලයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය පසුගිය වර්ෂවලට සාපේක්‍ෂව ඉහළ ගොස් ඇති බවත්, එම තත්වය කඩිනමින් පාලනය නොකළොත් පාලනය කළ නොහැකි තත්වයකට පත්විය හැකි බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මීට පෙර 2017 දී ඩෙංගු වසංගත තත්වයක් ඇතිවී රට පුරා රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය බව කී විශේෂඥ වෛද්‍ය ආර්නෝල්ඩ් මහතා එවැන්නක්වීම වැළැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බව ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ(27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ ප්‍රඡා වෛද්‍ය, වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය මෙහිදී පැවසුවේ මෙම වසරේ ගත වූ දින 27 ක කාලයේදී ඩෙංගු රෝගින් 6923ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්‍ෂව විශාල වැඩිවීමක් බවයි.

මෙම රෝගීන්ගෙන් සියයට 53.4ක්ම බන්සාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර, වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 30ක්ම වයස අවුරුදු 5ත් 19ත් අතර එනම් පාසල් වයසේ පසුවන දරුවන් බවත්, සියයට 5ක් වයස අවුරුදු 5ට අඩු දරුවන් බවත් ඇය සඳහන් කළාය.

ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 1,909ක් වන අතර බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත්තේ රෝගීන් 408කි.

මේ වසරේ ගතවූ කාලයේදී පමණක් බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 3681ක් වාර්තා වී ඇත.

මහනුවර, ගාල්ල, මාතර, යාපනය, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ, කුරුණෑගල, පුත්තලම බදුල්ල, රත්නපුර දිස්ත්‍රික්කයන්ගෙන් ද මෙම වසරේදී ඩෙංගු රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ඇය පැවසුවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now