මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය පිරිසකට වැඩ වරදී

arrested drugs sinhala news trending news gagana news
By krishani Jan 15, 2022 06:27 AM GMT
krishani

krishani

Report

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 08 දෙනකු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (14)අත් අඩංගුවට ගෙන ඇත.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හදිසි මාර්ග බාධකයක් යොදා පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත කරන ලද රථ වාහන පරික්ෂාවකදි මෙසේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 08 දෙනා අත් අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගන්නා ලද තරුණයන් අවුරුදු 25ත් 35ත් අතර වයස්වල අය බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද තරුණයන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now