ගුරු-විදුහල්පති තවත් ඉල්ලීමක් ඉටුවෙයි

trending news gagana news today news Sri lanka sinhala news teachers'principal agitation A request is granted
By krishani Jan 15, 2022 04:39 AM GMT
krishani

krishani

Report

ගුරු - විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය 2021. 08. 30 දින සිට ක්‍රියාත්මන වන පරිදි සංවෘත සේවාවක් බවට පත් කර ඇති බව සඳහන් වේ.

පත් කිරිම්, උසස් කිරිම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධීවිධාන ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බලපැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ඒ ඒ සේවාවන්ට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහය පිළිබඳ බලධාරින් විමසා සුදුසු පරිදි සං‍ශෝධනය කර ගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now