කාදිනල් හිමිගෙන් පොලීසිය භාර ඇමති ට සැර උත්තරයක්(VIDEO)

Cardinal trending news gagana news sri lanka sinhala news a hand grenade
By krishani Jan 14, 2022 11:51 PM GMT
krishani

krishani

Report

 පොලීසිය භාර ඇමතිවරයා අවංක නම් දේවස්ථානය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ සාක්ෂි පිළිබඳව සොයාබැලිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසීය.

මාධ්‍යට අදහස් දක්වමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසුවේ,

"පොලීසිය භාර ඇමතිතුමා නිකම් මේ වැල්වටාරම් කතාවල් කිය කිය.. දැනට එයාලා අරන් තියෙන මනුස්සයාගේ කාමරේ ගිනිකූරු පෙට්ටියේ ගිනිකූරු අඩුවෙලා තිබුණය, ඒ ගිනිකූරු එයා අලවලා තියෙනවා කියලා පිළිගත්තාය.. අරවා මේවා කියලා. පොලීසිය සාමාන්‍යයෙන් ඔය මිනිස්සුන්ව අරන් ගියාම ඒ මිනිස්සුන්ගෙන් ඒගොල්ලන්ට ඕන දේ කියවගෙන අත්සන් කරව ගන්නවා."

"ඇමතිතුමා අවංක නම් අපි ඉදිරිපත් කරපු සාක්ෂිය ගැන හොයලා බලන්න ඕනේ. ඇයි ඒක කරන්න බැරි. ඒ වගේ ඇමතිවරුන් ගෙන් සත්‍ය සාධාරණත්වය ඉටුවෙයි කියලා අපිට බලාපොරොත්තුවෙන්න බෑ. විනිවිද පෙනෙන විදිහට මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්නට ඇමතිතුමාටවත් ආණ්ඩුවටවත් පොලීසියටවත් ඕනකමක් නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now