මංගල සාදයේ දී බිම ඇද වැටුණු තරුණයා මරුට

wedding ceremony sinhala news trending news sri lanka news young man dead
By krishani Jan 14, 2022 09:27 AM GMT
krishani

krishani

Report

මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටි තරුණයෙකු හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය පවසයි.

වාද්දුව, පොතුපිටිය, තිස් එකේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුසෙව් හේවගේ නිශාන් ලක්ෂාන් ජයරත්න නැමැති 24 හැවිරිදි තරුණයකු මෙලෙස මියගොස් තිබේ.

ඔහු ඊයේ (13) පානදුර, ගොරකාන ප්‍රදේශයේ හෝටලයක පැවතී සිය සේවා ස්ථානයේ මිතුරියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිට ඇත.

එහිදී ඔහු නර්තනයේ යෙදී සිට ඇති අතර, හදිසියේ බිම ඇද වැටී පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .

රෝහල් ගතකිරීමේදී තරුණයා මියගොස් ඇති අතර , පීසීආර් පරීක්ෂණයකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බැව් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now