රුපියල තවත් පල්ලම් බසියි - ප්රධාන බැංකු කිහිපයකම අලුත්ම අනුපාත මෙන්න
සඳුදා දිනයට සාපේක්ෂව අද ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්රමාණය වී තිබේ.
ඒ අනුව, බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් ඇත.
සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.35 සිට රු. 325.15 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 333.60 සිට රු. 334.40 දක්වා ඉහළ ගොස් තිබේ.
NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.20 සිට රු. 325.00 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 333.20 සිට රු. 344.00 දක්වාත් ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.60 සිට රු. 325.93 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.65 සිට රු. 334.01 දක්වා ඉහළ ගොස් තිබේ.
වාණිජ බැංකුවේ (Commercial Bank) ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 322.60 සිට රු. 323.35 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 333.25 දක්වාත් ඉහළ ගොස් ඇත.
සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 325.00 සිට රු. 326.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 333.00 සිට රු. 334.00 දක්වා ඉහළ ගොස් තිබේ.