කොළඹ සහ අවට මාර්ග රැසක් ජලයෙන් යටවෙයි - නුගේගොඩ-නාවල ගමනාගමනය ඇනහිටී

Report

අද (15) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට සහ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ.

ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමත් සමඟ නුගේගොඩ–නාවල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ගයේ රථවාහන ගමනාගමනයද ඇනහිට තිබේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට අද දිනයේදී අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

මේ අතර, පහත් බිම් ප්‍රදේශ කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින්, ගංවතුර අවදානමක් පවතින ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්