රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Report

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙතෙක් පැවැති කාලගුණ තත්ත්වය වෙනස් කරමින් මේ ප්‍රදේශවල වායුගෝලයේ වෙනසක්

මෙතෙක් පැවැති කාලගුණ තත්ත්වය වෙනස් කරමින් මේ ප්‍රදේශවල වායුගෝලයේ වෙනසක්

ඒ අනුව, අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000 බැගින් ද, අදාළ විමර්ශනය සිදුකළ එවකට CID ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් ද පෙත්සම්කරුවන් දෙදෙනා වෙත වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම් විභාගයේදී තහවුරු වූ කරුණු මත පදනම්ව, මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් අදාළ වන්දි මුදල් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදී.

අස්වැසුම ලාභීන්ට සැප්තැම්බර් මස දීමනාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

අස්වැසුම ලාභීන්ට සැප්තැම්බර් මස දීමනාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්