78 වන එමී සම්මාන උළෙලෙන් හොඳම නාට්‍යමය කතා මාලාවට හිමි සම්මානය ‘ද පිට්’ කතා මාලාවට

By Kanchana Sep 15, 2026 07:01 AM GMT
Report

78 වන එමී සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය කතා මාලාව ‘ද පිට්’ 78 වන එමී සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය කතා මාලාවට හිමි සම්මානය ‘ද පිට්’ (The Pitt) කතා මාලාව විසින් දිනාගෙන තිබේ.

මෙරට වේලාවෙන් අද (15) අලුයම කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පීකොක් රඟහලේදී 78 වන එමී සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, ලොව ප්‍රකට කලාකරුවන් රැසක් ඊට එක්ව සිටියහ. එහිදී හොඳම හාස්‍යමය කතා මාලාවට හිමි සම්මානය ‘විඩෝස් බේ’ (Widows Bay) කතා මාලාවට හිමිවිය.

හොඳම නළුවාට හිමි සම්මානය ‘ද පිට්’ කතා මාලාවේ රංගනය වෙනුවෙන් නොආ වයිලි (Noah Wyle) දිනාගත් අතර, හොඳම නිළියට හිමි සම්මානය ‘ප්ලුරිබස්’ (Pluribus) නාට්‍ය මාලාවේ රංගනය වෙනුවෙන් රේ සීහෝන් (Rhea Seehorn) වෙත හිමිවිය.

"චූලා අද හිටියා නම් ගොඩක් සතුටු වෙයි" අවුරුදු 5ක නඩු විභාගයෙන් පසු චූලාගේ මව කී සංවේදී කතාව

"චූලා අද හිටියා නම් ගොඩක් සතුටු වෙයි" අවුරුදු 5ක නඩු විභාගයෙන් පසු චූලාගේ මව කී සංවේදී කතාව

මීට අමතරව, හාස්‍යමය කතා මාලා අංශයේ හොඳම නළුවා ලෙස මැතිව් රීස් (Matthew Rhys) සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම නිළිය ලෙස ජීන් ස්මාර්ට් (Jean Smart) සම්මානය දිනා ගත්තාය.