දුම්රිය ස්ථානාධිපතිවරු යළි වැඩ වර්ජනය ආරම්භ කරයි

trending news gagana news sri lanka sinhala news station mastes strike again
By krishani Jan 14, 2022 07:13 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ(13) ක්‍රියාත්මක කළ සංඛේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට චෝදනා කරමින් මෙලෙස නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ .

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද(14) දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අප කළ විමසීමකදී පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතික ලෙස තම සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now