කලබලයක් නැතුව සන්සුන්ව කළ සොරකම (VIDEO)

Theft sinhala news trending news gagana news today hot news
By krishani Jan 14, 2022 06:27 AM GMT
krishani

krishani

Report

වෙළෙඳසැලක් වෙත පැමිණෙන ඉන්දීය ජාතිකයෙකු විසින් සිදුකරන මූල්‍ය වංචාවක් CCTV කැමරාවක පටිගත වී තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ හැටන් නගරයේ වෙළෙඳසැලකිනි.

සැකකරු විසින් කාර්යබහුල අවස්ථාවක එම වෙළෙඳසැල වෙත පැමිණ තමන්ට සුවඳ විලවුන් බෝතලයක් ඉල්ලා තිබේ.

එහිදී සුවඳ විලවුන් බෝතලයක් ඔහුට ලබා දී ඇති අතර එම අවස්ථාවේ ඔහු ඒ සඳහා රුපියල් 5,000ක් මුදල් අයකැමි වෙත ලබාදෙයි.

එහි ඉතිරි මුදල් ලබාගැනීමෙන් අනතුරුව සැකකරු තමන් මිලදී ගත් සුවඳ විලවුන් බෝතලය අවශ්‍ය නොවන බව පැවසීමත් සමඟ මුදල් අයකැමි එම ඉතිරි මුදල රැගෙන ඔහුට රුපියල් 5,000 නැවත ලබාදෙයි.

එහිදී වෙළෙඳසැලෙන් පිටව නොයන සැකකරු වෙනත් සුවඳ විලවුන් බෝතලයක් නැවත ඉල්ලා සිට එයද ලබාගෙන නැවත මුදල් නොදී ඉතිරි මුදල් ලබාගනී.

වෙළෙඳසැලේ බොහෝ කාර්යබහුල එම අවස්ථාවේ මේ ආකාරයට නැවත නැවත සිදුකරමින් සැකකාර ඉන්දීය ජාතිකයා මුදල් වංචාව සිදුකරන අයුරු පහතින්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now