දැන් වෑයම විදුලියට ඩීසල් දෙන්නයි.CPC එකඟයි

electricity board trending news gagana news sri lanka sinhala news petroleum corporation an agreement
By krishani Jan 14, 2022 05:03 AM GMT
krishani

krishani

Report

විදුලිබල මන්ඩලයේ අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට අද(14) දින සිට කටයුතු යොදා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

නැවත එළඹෙන අඟහරුවාදා (18) දින පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි කටයුතු සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය ණය පදනම මත තවදුරටත් විදුලි බළ මණ්ඩලයට ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව ඛනිජ තෙල් සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව මෙම හදිසි තීරණය ගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසීය. බලාගාරවල ක්‍රියාකාරිත්වය සදහා ඉන්ධන නොලැබුණහොත් ඉදිරි කාලය තුළ තවදුරටත් විදුලිය කප්පාදු කිරිමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර පැවසීය.

බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් සහ ඩීසල් හිඟවීම, නොරච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම සහ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහළ යාම මත දෛනික විදුලි සැපයුම කප්පාදු කීරීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේය. කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වයට ද පසුගිය කාලය තුළ බාධා පැමිණ තිබේ.

එසේම විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහනක් පසුගිය දා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කර තිබුණි. එහෙත් ඊයේ දිනයේ ඇතැම් ප්‍රදේශ වලට කාලසටහනෙන් බැහැරව බොහෝ කාලයක් විදුලිය විසන්ධිව පැවැති බව වාර්තා විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now