කොවිඩ් වසංගතය හමුවේ ලංකාව සංචාරකයන් අතර බැබළේ ! මෙන්න හේතුව

tourism trending news gagana news hot news sri lanka sinhala news
By krishani Jan 14, 2022 02:41 AM GMT
krishani

krishani

Report

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මේ අතර ගතවු දින කිහිපය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 31,688කි.

විදේශිය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමග ගතවු මාස 3ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණිමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මසදී සංචාරකයින් 22,771ක්, නොවැම්බර් මසදී සංචාරකයින් 44,294 මෙන්ම දෙසැම්බර් සංචාරකයින් 89,506 දිවයිනට පැමිණ ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ, නව වසරේ ගතවු දින 11ක කාලය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 31,688ක් බවය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now