විශ්ව විද්‍යාල සම්පූර්ණ ධාරිතාවයෙන් ආරම්භ කිරීමේ සූදානමක්
දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
කෙසේ වෙතත්, මේ වනවිටත් 50% ක ධාරිතාවයකින් යුතුව ශිෂ්‍යයින් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ.
එහෙත් සම්පූර්ණ ධාරිතාවයෙන් වහාම විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
කෙසේ වෙතත්, විභාග පැවැත්වීම හා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු මෙන්ම නවක සිසුන් බඳවා ගැනීම් ආදී කටයුතු ද මේ වනවිට විශ්වවිද්‍යාල තුළ සිදු කරමින් පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලබන සතියේදී උපකුලපතිවරුන් සමග එක්ව පැහැදිලි කිරීමක් ද සිදු කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |