ගෑස් හිඟය තව කොපමණ කාලයක් පවතී ද?

trending news gagana news hot news sri lanka sinhala news Gas issues
By krishani Jan 13, 2022 04:52 AM GMT
krishani

krishani

Report

දැනට පවතින තත්ත්වය හමුවේ වර්තමානයේ පවතින ගෑස් හිඟය නිමාවීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ගෑස් නිෂ්පාදන සමාගම් පවසනවා.

ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය කියා සිටියේ ඩොලර් හිඟය නිසා තවදුරටත් ගෑස් ආනයනයට බාධා මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, එම සමාගමට අයත් ගෑස් ටොන් 10,000 ක් අඩංගු නෞකාවක් පෙරේදා (11) මෙරටට පැමිණ ඇති අතර, එම ගෑස් තොගය නියමිත ප්‍රමිතියට අනුකූල බවට තහවුරු වීමත් සමග බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව දින 10 කට වරක් එවැනි නෞකා මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවද ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය සඳහන් කළා.

මේ අතර, ආනයනික එල්.පී. ගෑස්, සිලින්ඩර හා ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල් සහ බට නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පවරමින් ඊයේ (12) ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now