වැලි හිඟයක් ගැන පරිසර ඇමති කියයි
ඉදිරියේදී වැලි හිඟයක් ඇතිවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ එසේ වුවහොත් ගැඹුරු මුහුදෙන් වැලි ලබා ගැනීමට සිදුවනු ඇති බවයි.
මේ වනවිට රට අභ්‍යන්තරයේ දැඩි ආර්ථික අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
එවන් පසුබිමක රට තුළ නිෂ්පාදන ක්‍රමයෙන් අඩු වී, අතිරික්තය වැය වී, ආර්ථික අවපාතයකට රැගෙන ගොස් ඒ හරහා උද්ධමනයක් ඇති වීමේ අවදානම්සහගත තත්ත්වය ආර්ථික විශේෂඥයින් විසින් වරින් වර මේ වනවිට සංවාදයට ලක් කෙරෙන බව දකින්න පුළුවන්.
මෙවන් අවස්ථාවක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දර්ශකය මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර, ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනය සීමා වීම මත භාණ්ඩ ගෙන්වීම ද නතර වී තිබීම කරණකොටගෙන, හිඟයක් ඇති වී තිබෙනවා.
මෙම තත්ත්වයත් සමග ඉදිරියේදී වැලි හිඟයක් ද ඇතිවීමට ඉඩකඩ ඇති බවයි පරිසර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |