අද දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක.දුම්රිය නැතිවෙයිවත් ද?

srike trending news gagana news sri lanka sinhala news station masters
By krishani Jan 13, 2022 01:33 AM GMT
krishani

krishani

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලු ම රාජකාරිවලින් ඉවත් ව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

01.ආසන වෙන් කළ දුම්රිය නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම.

02.දුම්රිය ධාවන කාර්‍යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නො කිරීම.

03.සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නො කිරීම.

04.රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නො කිරීම.

ආදී ඉල්ලීම් රාශියක් පදනම් කර ගනිමිනු යි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (13 ) එම වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අදාල සියලු ම රාජකාරිවලින් ඉවත් වීමට එම සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now