බි.පී.එල්. දොර වැසුණු ශ්‍රි ලංකා ක්‍රිකට් ටීම් එකේ ක්‍රිඩකයින් හත් දෙනා මෙන්න
බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් (බී.පී.එල්.) තරගාවලියට එක් වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයන්ට විරෝධතා නොදැක්වීමේ ලිපි නිකුත් නොකිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවේ පසුගියදා පැවති විධායක කමිටු රැස්වීමේදීයි.
ඒ අනුව එම තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තුව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනාගෙන් 7 දෙනකුටම එම අවස්ථාව අහිමි වනවා.
මෙම මස 21 වැනිදා ආරම්භ වන බී.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණේ පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා යි.
එම ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් 5 හිමිකරුවෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනෙක් මිල දී ගත් අතර, ඉන් ඇතැමෙක් වෙන්දේසියට බාහිරව ඍජූවම ගිවිසුම්ගත වූවන්.
ඒ අනුව මෙවර බී.පී.එල් තරගාවලිය සඳහා තිසර පෙරේරා, භානුක රාජපක්ෂ සහ සීක්කුගේ ප්‍රසන්න කුල්නා ටයිගර්ස් කණ්ඩායමටත්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ෆෝචූන් බරිසාල් කණ්ඩායමටත්, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ පෙරේරා ශිලාත් සන්රයිසස් කණ්ඩායමටත්, ඉසුරු උදාන ඩකා ස්ටාර්ස් කණ්ඩායමටත්, කුසල් මෙන්ඩිස් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමටත් තෝරා ගත්තා.
කෙසේ වුවත් තරගාවලිය ආරම්භ වීමට සති දෙකක් පමණ තිබියදී එම ක්‍රීඩකයන් වෙනුවෙන් විරෝධතා නොදැක්වීමේ ලිපි නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග ක්‍රීඩකයන් 9 දෙනාගෙන් 7 දෙනෙකු වෙනුවෙන්ම ආදේශක ක්‍රීඩකයන් සෙවීමටයි කණ්ඩායම් හිමිකරුවන්ට සිදුවී ඇත්තේ.
පසුගියදා සම්මත කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම නීති රීතිවලට අනුව විදෙස් රටවල ලීග් තරගාවලි සඳහා එක් වන ක්‍රීඩකයන්ට, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විරෝධතා නොදැක්වීමේ සහතිකය ලැබෙන්නේ ඔවුන් සිය සමුගැනීමේ නිල නිවේදනය කිරීමෙන් මාස 6 කට පසුවයි.
ඒ අනුව පසුගිය මාස හයක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් මෙරට ජාතික ක්‍රීඩකයින් සඳහා ද මෙම නව නීතිරීති බළ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් 2021 මැයි මස 3 වැනිදා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් තිසර පෙරේරාට සහ ජූලි මස 31 වැනිදා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් ඉසුරු උදානට මෙම නීති රීති අනුව මෙවර බී.පී.එල්. තරගාවලියට සහභගිවීම සඳහා ගැටලූවක් පැන නොනගින නමුත්, පසුගිය සතියේදී හදිසියේම ජාත්‍යන්තර තරග බිමට සමු දුන් භානුක රාජපක්ෂට සහ ඇන්ජලෝ පෙරේරාට මෙම නීතිය තදින්ම බලපානවා. ඒ අනුව ඔවුන් මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටියද ඔවුන්ට විදෙස් රටක පැවැත්වෙන ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා තවත් මාස 6ක කාලයක් බලා සිටීමට සිදුවනු ඇති. මේ අතර තරග තහනමකට ලක්ව සිටි ඉන් මිදුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මෙන්ම ලංකා පී‍්‍රමියර් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දිනේෂ් චන්දිමාල් සහ සීක්කුගේ ප්‍රසන්නද සිම්බාබ්වේ එක්දින තරගාවලිය සඳහා කඳවා නො තිබුණ ද ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව ඇති බැවින් ඔවුන්ටද බී.පී.එල්. තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී යනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග කැලැන්ඩරය අනුව යොදා ඇති සැලසුම් හේතුවෙන් ගිවිසුම්ගත ක්‍රීඩකයන් මෙලෙස නිදහස් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැ යි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වරයා පවසා තිබෙනවා.
මේ අනුව ෆෝචූන් බරිෂාල් කණ්ඩායමේ කලමණාකාරීත්වය පසුගිය දා නිවේදනය කළේ ධනුෂ්ක ගුණතිලකගේ ආදේශක ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ තෝරාගත් බවයි.
සෙසු බී.පී.එල්. කණ්ඩායම්ද මේ වන විට තමන් මිල දී ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවට අදේශක ක්‍රීඩකයන් සොයමින් සිටින බවට යි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
