ජනපති චීනයෙන් ඉල්ලිම් තුනක් ඉල්ලයි !
චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති මන්දිරයේ දී සිදුවූ හමුවේදී ඉල්ලීම් කිහිපයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් කර තිබෙන ඉල්ලීම් කිහිපයක් පිළිබදව, ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබේ.
ඒ අනුව, චීන සංචාරකයන් මෙරටට එවීමට අදාලවත්, චීනයෙන් ගෙන තිබෙන ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කර දෙන ලෙසත්, චීනයෙන් භාණ්ඩ ආනයනයේ දී වෙළද ණය ක‍්‍රමයක් සකස් කර දෙන ලෙසත්, ජනාධිපතිවරයා චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
මේ ඉල්ලීම් සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රතිචාරය කුමක් වී දැයි සදහන් කර නොතිබුණද, චීන විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නුදුරු දිනයක දීම චීනයේ සංචාරයකට පැමිණෙන ලෙස ආරාධන කර තිබෙන බවද එම ෆේස් බුක් සටහනේ සදහන්ව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |