කිඹුලන් තුන්දෙනෙකූ කොලඹ මුහුද බලන්න ඇවිත්
වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස සහ ගාලු මුවදොර යන මුහුදු වෙරළ තීරයන්වල සිටියදී කිඹුලන් තුන් දෙනෙකු හඳුනාගෙන ඇති බවට වාර්තා වනවා.
ඊයේ දිනයේ දී ගාලු මුවදොර වෙරළතීරයේ සිටියදී කිඹුලෙකු සොයාගත් අතර, එම කිඹුලා දෙහිවල දුම්රියපොළ ආසන්නයේ දී කිමිදුම්කරුවෙකු ඩැහැගත් කිඹුලා නො වන බවයි දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.
පසුගිය තුන් වන දා දෙහිවල දුම්රියපොළ ආසන්නයේ දී කිඹුලෙකුගේ ග්‍රහණයට ලක්වී කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවත සමගයි වෙරළ තීරයේ සිටින කිඹුලන් පිළිබද කතාබහක් ඇතිවුණේ.
කෙසේ වෙතත්, දෙහිවල ප්‍රදේශයේ රැදී සිටි එම කිඹුලා තවමත් අල්ලා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැහැ.
එවන් පසුබිමක යි ඊයේ ගාලුමුවදොර ආසන්නයෙන් තවත් කිඹුලෙකු හඳුනාගනු ලැබුවේ.
එම කිඹුලා කුඩා ප්‍රමාණයේ කිඹුලෙකු බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මෙම කිඹුලන් පිළිබද නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත්, එම සතුන් වැල්ලවත්ත සහ ගල්කිස්ස අතර ප්‍රදේශවලින් මුහුදට සම්බන්ධවන ඇළ මාර්ග ඔස්සේ මෙලෙස පැමිණ ඇති බවත් වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |