ඩොලර් අර්බුදය පුවත්පත් කඩදාසියටත් යයි - පුවත්පත් කර්මාන්තය කඩා වැටෙයි ද?
පුවත්පත් මුද්‍රණයට භාවිත කරන කඩදාසි හිඟයක් පැවතීම හේතුවෙන් මේ වන විට සමස්ත පුවත්පත් කර්මාන්තයටම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
පවතින ඩොලර් අර්බුදයත්, ලෝකයේ කඩදාසි නිෂ්පාදනය අඩුවීමත් ඊට හේතු වී ඇති බවයි පුවත්පත් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය හමුවේ මුද්‍රණ කඩදාසි මිල ද පසුගිය මාසවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඩොලර් 450ක පමණ මිලකට පැවති පුවත්පත් මුද්‍රණ කඩදාසි ටොන් එකක මිල ඩොලර් 800 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ පුවත්පත්වල නිෂ්පාදන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පුවත්පත් කර්මාන්තකරුවන් එම මුද්‍රණ කඩදාසි සම්බන්ධයෙන් මුහුණ දී සිටින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට යි.
ඇතැම් පුවත්පත් තම පිටු ගණන අවම කිරීමටත්, අතිරේක හා විශේෂාංග සීමා කිරීමටත් දැනටමත් පියවර ගෙන තිබෙනවා.
මේ අතර, ඩොලර් අර්බුදය හමුවේ මුද්‍රණ කඩදාසි නො මැති වීම හේතුවෙන් මුද්‍රණ කර්මාන්තයේ නිරත සියයට 40කට පමණ ලබන මාසය වන විට රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවයි ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති සහ වර්තමාන කමිටු සාමාජික ඩිලාන් සිල්වා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |