නිරෝධායනය වන අවම දින ගණන ?

#sinhala news in sri lanka#today news#covid#omicron virus####
By krishani Jan 06, 2022 09:59 AM GMT
krishani

krishani

Report

omicron ප්‍රභේදය පෙර පැවති කොරොනා ප්‍රභේදවලට වඩා අඩු බරපතළ රෝග ලක්ෂණ ඇති කරන බව පරීක්ෂකයින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රෝගීන් කෙටි කාලයක් තුළ සුවය ලබන බව සඳහන්ය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තවමත් දින 14ක් නිරෝධායනය විය යුතු බවයි.

WHO covid-19 සිදුවීම් කළමනාකරණ සහයක කණ්ඩායමේ අබ්දි මහමුද් විසින් මෙම අදහස දක්වා ඇත. අඩු ආසාදනයක් ඇති රටවල දිගු නිරෝධායනයක් පැවතීම මගින් ආසාදිත සිද්ධි සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවන බව ඔහු සඳහන් කළා ය.

තව ද දේශීය වසංගත ප්‍රබලත්වය මත පදනම්ව නායකයන් තීරණ ගත යුතු බව සහ ඉතා ඉහල අවස්ථා සංඛ්‍යාවක් ඇති බටහිර රටවල් මූලික වශයෙන් හුදෙකලා කාලසීමාවන් කප්පාදු කිරීම යළි සලකා බැලිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් covid 19 ආසාදිත පුද්ගලයන් ට හුදෙකලා වීම සඳහා සඳහාත් ඉගෙනගන්න සංශෝධනය කර ඇත යසන්න පුද්ගලයන්ට හුදෙකලා වීම සඳහා ඇති දින කනන සංශෝධනය කර ඇත.

ඒ දින 10 සිට පහ දක්වා කාලයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now