වාහන ආනයනය ගැන අලුත්ම ආරංචියක්

By krishani Jan 12, 2022 09:51 AM GMT
krishani

krishani

Report

වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් අද (12) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් දැක්වීය.

ඔහු පැවසුවේ රට තුළට විදේශ විනිමය ගලා ඒම ප්‍රකෘත්ති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව නැවත වාහන ආනයනය කිරීමට අවසර දීමට අවස්ථාවක් ලැබෙන බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කෙරෙන බවය.

මේ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බවද මහ බැංකු අධිපතිවරයා පවසයි.

කෙසේ වෙතත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් නැවත මෙරටට ගෙනදිය හැකි සංචාරක කර්මාන්තය වැනි විෂයයන් හි යළි වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන ස්ථාවර බව හරහා යළි රථවාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දිය හැකියාවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබීය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බරපතල තීරණයක් බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.

“IMF එකට යනවා කියන එක බරපතළ තීරණයක්. IMF එකට යනකොට අපි කල්පනාකාරීව යන්නට අවශ්‍ය වෙනවා, අපේ තියෙන සැලැස්ම අපිට කොහොමද අපි ඒක ක්‍රියාත්මක කරගන්නේ IMF එකත් එක්කම.“

“ඒ නිසා IMF එකත් එක විකල්පයක් හැටියට තමයි අපි බලන්නේ. තව විකල්ප තියෙනවාද? ඒ විකල්ප මොනවාද? ඒ විකල්ප කරනවා නම් IMF එකට යන විකල්පයට වඩා හොඳ විකල්පයක් ද කියලා බලන්නට අවශ්‍යයි.“ “මෙතන දී අපි එහෙම බලලා තියෙනවා. මහ බැංකුවේ, මුදල් මණ්ඩලයේ අපේ තීරණය තමයි මේ අවස්ථාවේ දී අපි දැන් යන ගමන, වෙනත් විකල්ප ඔස්සේ යන ගමන IMF යන ගමනට වඩා අපිට සතුටුදායක ගමනක් වෙනවා කියා අපේ විශ්වාසේ.“   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now