ඩෙල්ෆ්ට් යද්දි බෝට්ටුවේ බඳ දෙකට කැඩිලා.දෙවියෝ බලලා අනුනවයෙන් ජිවිත 112ක් බේරිලා.

#sinhala news#today sinhala news#jafna case#boat capasized#Lives saved###
By krishani Jan 07, 2022 02:26 AM GMT
krishani

krishani

Report

යාපනයේ කුරීකඞ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ්ට් බලා මගීන් 112 ක් රැගෙන ගිය යාත්‍රාවක් මහ මුහුද මැදදී අනතුරකට ලක් වීමෙන් පසුව දැඩි ජීවිත අවදානමකට ලක්ව සිටි මගීන් පිරිස හා බෝට්ටුවේ කාර්ය මණ්ඩලය වෙනත් බෝට්ටුවක ආධාරයෙන් නාවික හමුදාව සහ එම බෝට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් 5 දා බේරා ගෙන තිබේ.

ඩෙල්ෆ්ට් සමුපකාර සමිතියට අයත් සමුද්‍රදේවී නමැති යාත්‍රාව මගීන් රැගෙන ගිය අවස්ථාවේදී දැඩි කුණාටුවකට හසු වීම නිසා බෝට්ටුවේ බද හරි මැදින් කැඞී ගොස් තිබේ.

මේ අවස්ථාවේදී බෝට්ටුව මුහුද මැද කරකැවෙමින් තිබියදී මගීන් විළාප තබමින් කෑකෝ ගසන්නට වූ අතර බෝට්ටුවේ සේවකයන් වහාම මේ බව යාපනයේ කුරීකඞ්ඩුවාන් ජැටියට දැනුම් දීමෙන් පසුව නාවික හමුදාව හා තවත් බෝට්ටුවක පිරිසක් ගොස් අනතුරට ලක්ව සිටි පිරිස බේරාගෙන තිබේ.

ඉන් අනතුරුව අනතුරට පත් බෝට්ටුවද ඇදගෙන ආපසු කුරීකඞ්ඩුවාන් ජැටිය වෙත පැමිණ තිබේ. පසුව වෙනත් බෝට්ටුවක ආධාරයෙන් ඩෙල්ෆ්ට් බලා යෑමට සිටි එම මගීන් එහි යවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now