බුද්ධී අංශයේ කියා මියගිය සැමියාගේ බිරියට ඉඟි බිඟි පෑ වෙරි හාදයාට වැඩේ වැරදෙයි - බිරියත් එක්ක තනියම කතා කරන්ඩ ඕන කියලා කාමරයටත් එක්කගෙන ගිහින්
මීගහතැන්න, පැලැඳගොඩ ප්‍රදේශයේ අවමඟුලක් පැවැති නිවෙසකට ගොස් මියගිය පුද්ගලයාගේ රූමත් බිරිය සමඟ තනිව කතා කිරීමට අවශ්‍ය යැයි පවසා කලහකාරී ලෙස හැසිරුණු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි.
ඉකුත් 31 වැනි දින මාළු කපන මන්නයකින් කපා කොටා ඝාතනය කරන ලද මාළු විකිණීමේ නියුතු පුද්ගලයකුගේ අවමංගල්‍ය නිවෙසට යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරියකු බව පවසා ඇතුළුව තිබූ මෙම සැකකරු නිවෙසේ තබා තිබූ මෘත ශරීරය ඡායාරූප කීපයක්ද ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව මියගිය පුද්ගලයාගේ රූමත් බිරියගෙන් මේ මරණය පිළිබඳ ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසා ඇයව නිවෙසේ කාමරයකට ගෙන ගොස් තනිකර විවිධ තොරතුරු අසමින් නිකරුණේ කාලය ගත කිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඥාතීන් සහ හිතවතුන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ආවේගශීලීව හැසිරී ඇති අතර, එහිදී එහි සිටි පිරිස සැකකරුට පහරදීමට උත්සාහ දරා තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන්. එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ මියගිය අයගේ ඥාතීන් කීපදෙනකු සැකකරුට කිසිවකුට පහරදීමට නොදී ඔහු ආරක්ෂා කර මේ බව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.
එම අවස්ථාවේදී සැකකාර හමුදා සෙබළාගෙන් මත්පැන් ගඳ වහනය වෙමින් තිබූ බවට අවමඟුල පැවැති නිවෙසේ සිටි පුද්ගලයන් පොලිස් නිලධාරීන්ට පවසා තිබෙනවා.
සැකකරු දියතලාව හමුදා කඳවුරට අනුයුක්ත අයෙකි අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now |