ගෑස්වලට බයේ භූමිතෙල් ලිපක් ගෙනා තුන් මස් ගැබිනි මවක් අවාසනාවන්ත ලෙස අවසන් සුසුම් හෙලයි.

#sri lanka sinhala news#sinhala news in sri lanka#today#Gas problems#A pregnant mother dies#Heard from four directions news###
By krishani Jan 06, 2022 02:58 AM GMT
krishani

krishani

Report

මෙරට උද්ගතව ඇති ගෑස් ප්‍රශ්නය ආශ්‍රිත පිපිරීම් නිසා භූමිතෙල් ලිපක් නිවසට රැගෙන ආ තුන් මස් ගැබිනියක එම භූමි තෙල් ළිප දල්වා ආහාර රත් කරමින් සිටිය දී එය පෙරළී සිරුරට ගිනි ඇවිලී පිලිස්සුම් තුවාල ලබා මියයාමේ කණගාටුදායක පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියේ දී අනාවරණය වේ.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇත්තේ මඩකලපුව ක්ලාස් පාරේ පදිංචිව සිටි කාදර් ෆාතිමා(29) නමැති කාන්තාවක් බවයි සදහන් වන්නේ.මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශාන් සමරවීර හමුවේ පැවතියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now