බෞද්ධ ශිෂ්ඨාචාරය ප්‍රශ්න පත්‍රය සමඟ උත්තර පත්‍රත් දීලා

#sri lankan sinhala news#todat news#exams#giving answer sheets###
By krishani Jan 05, 2022 09:17 AM GMT
krishani

krishani

Report

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු  අ.පො.ස උසස්පෙළ තෙවනවාර විභාග පරික්ෂණයේ  බෞද්ධ ශිෂ්ඨාචාරය  විෂයේ ii වැනි ප්‍රශ්න පත්‍රයේ  ප්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කර තිබි ඇත.

අද (05) උදෑසන 11.30ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාල දෙවැනි ප්‍රශ්න පත්‍රය සිසු  දරු දැරියන්ට ලබාදිමට නියමිතව තිබුණි. ප්‍රශ්නපත්‍ර කට්ටලය විවෘත කරන අවස්ථාවේ  බෞද්ධ ශිෂ්ටාචාර  ප්‍රශ්න පත්‍රයේ  ප්‍රශ්න සමග පිළිතුරුද සදහන්කර ඇති බව දැනගෙන තිබේ.  

ප්‍රශ්න පත්‍රයේ  මුල් පිටුවේ ප්‍රශ්න 08ක්  සදහන් කර ඇති අතර   02,03,04 යන පිටුවල එම ප්‍රශ්නවලට අදලා පිළිතුරු සදහන්කොට තිබි ඇත.

පසුව කළාප අධ්‍යාපන කාර්යාල මගින්  ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පමණක් ඇති මුල් පිටුව ඡයා පිටපත්කොට ලබාදෙන ලෙස  පාසල්වල විදුහල්පතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දි ඇත. මේ නිසා පාසල්වල විදුහල්පතිවරුන් ද දැඩි අසරණ තත්වයට පත්වුහ.

ඇතැම් පාසල්වල ඡයාපිටපත් යන්ත්‍ර  නොමැති අතර  මේ නිසා  එම පාසල්වල විදුහල්පතිවරු නැවත ප්‍රශ්න පමණක් ඡයාපිටපත් කිරිමේ දි  ගැටළු රැසකට ලක්වුහ.

මේ පිළිබද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත්යාපා මහතාගෙන් අප කළ විමසුමකදි කීවේ දරුවන්ට ලබා දී ඇත්තේ ප්‍රශ්න පත්‍ර පමණක් බවයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now