"අවුරුදු උත්සවවලදී අපේකමට රකින්න" - අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ, අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී හෙළ සිරිත් විරිත්වලට නොගැලපෙන අංග ඇතුළත් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රකාශ කළේය.
මේ අතර, අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ ඇතුළු තදාසන්න නගරවලට පැමිණීම සඳහා හෙට (17) සිට විශේෂ ධාවන සැලැස්මක් අධිවේගී මාර්ග ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මෙම සැලැස්ම ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා අතිරේක බස් රථ 800ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇත.
එසේම, ගම්බිම් බලා ගිය ජනතාව නැවත නගරවලට පැමිණීම සඳහා අද (16) දිනයේ ද විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
ඒ අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අතිරේක බස් රථ 300ක් යොදවා ඇති අතර, අතිරේක දුම්රිය ගමන්වාර 20ක් ද ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීහු පවසති.
