හදිස්සි වෙන්න එපා - SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්නලු!
By Shehan
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින්නේ, විදුලිබල පද්ධතියේ ස්ථායිතාව තහවුරු කිරීම සඳහා, නිවාසවල වහලවල් මත ස්ථාපිත සූර්ය පැනල අක්‍රිය කළ යුත්තේ මණ්ඩලයෙන් කෙටි පණිවිඩයක් ලැබුණු පසුව පමණක් බවයි.
එවැනි පණිවිඩයක් ලැබුණු විට, පස්වරු 3 වන විට වහල මත සූර්ය පැනල අක්‍රිය කරන ලෙස මණ්ඩලය සියලුම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
දීර්ඝ නිවාඩු කාලය තුළ ජාතික විදුලි ඉල්ලුම අඩුවීමත්, සූර්ය බලශක්ති නිෂ්පාදනය ඉහළ යාමත් හේතුවෙන් ජාතික විදුලි යටිතල පහසුකම් මත බලපෑමක් ඇති වී ඇති බව මණ්ඩලය පවසයි.
නිවාඩු සමයේදී බොහෝ කර්මාන්තශාලා සහ කාර්යාල විදුලි පරිභෝජනය අඩු කර ඇති අතර, අධික සූර්ය බලශක්ති උත්පාදනය අවදානමක් ඇති කරන බැවින් මෙම පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.